ඇළ මාර්ගයක ජීව අත්බෝම්බ දෙකක් | දිනමිණ

ඇළ මාර්ගයක ජීව අත්බෝම්බ දෙකක්

දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකිවූ බව දඹුල්ල පොලිසිය කියයි.

අතුපාරයාය ප්‍රදේශයේ ගොවියකු සිය කුඹුරට ගොස් ඇළේ තිබුණු පොල් ගෙඩි කිහිපයක් ලබාගැනීම සඳහාය යද්දී එම ඇළ ඉවුරක තිබී මෙම අත්බෝම්බ දෙක දැක දඹුල්ල පොලිසියට දැනුම් දුන් බව පොලිසිය කියයි .

මෙම ස්ථානයට ගොස් පරීක්ෂා කළ පොලීසිය කියා සිටියේ මෙය ජීව අත්බෝම්බ දෙකක් බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අත්බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගත් බව දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා පැවසීය .

 

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න