උඩවලව වනෝද්‍යානයේ දිවි ඝාතනයට සැකපිට 03 ක් අත් අඩංගුවට | දිනමිණ

උඩවලව වනෝද්‍යානයේ දිවි ඝාතනයට සැකපිට 03 ක් අත් අඩංගුවට

ඉතා අමානුෂික ලෙස උඩවලව වනෝද්‍යානයේ දිවියෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 3දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසව පරිදි සෙවණගල, නෙළුම්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයින් 3 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මව්ආර ජලාශය අසළ තිබියදී පසුගියදා ඝාතනයට ලක්වූ දිවියාගේ සිරුරක් පසුගියදා සොයා ගැනුණි.‍

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වනජීවි නිලධාරීන් සමග එක්ව උඩවලව වනෝද්‍යානය තුළ ආරම්භ කළ පුළුල් සෝදිසි මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වේ.

නව අදහස දක්වන්න