සා. පෙළ 2 වැනි අදියරේ ඇගයීම් 18 වැනිදා සිට 26 දක්වා | දිනමිණ

සා. පෙළ 2 වැනි අදියරේ ඇගයීම් 18 වැනිදා සිට 26 දක්වා

සිතාරා සේනානි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2019 විභාගයේ 2 වැනි අදියරේ ඇගයීම් කටයුතු මේ මස 18 වැනිදා සිට 26 වැනිදා දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 27ක් තෝරා ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එයින් පාසල් 3ක් ඇගයීම් කාලසීමාව ඇතුළත සම්පූර්ණයෙන් වසා තැබෙන බවත්, තවත් පාසල් 24ක කොටසක් පමණක් වසා තැබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාතර මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ කුරුණෑගල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය යන පාසල් මෙසේ ඇගයීම් හේතුවෙන් සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් වේ.

කොටසක් පමණක් වසා තැබෙන පාසල් 24 මෙසේය.

කොළඹ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය, මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය, හලාවත කාමෙල් බාලිකා විද්‍යාලය, කළුතර තිස්ස මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, මාතර මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල මල්කඩුවාව වෙලගෙදර විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කෑගලු විද්‍යාලය, කටුගස්තොට රාහුල විද්‍යාලය, බදුල්ල ඌව මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, කල්මුණේ ශන්මුගා මහා විද්‍යාලය, කල්මුණේ මල්හරුස් සම්ස් මහා විද්‍යාලය, මඩකළපුව වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලය, මඩකළපුව හින්දු විද්‍යාලය, ත්‍රිකුණාමලය විග්නේෂ්වරා මහා විද්‍යාලය, වව්නියාව ශෛව ප්‍රකාශ් බාලිකා විද්‍යාලය, යාපනය කොකුවිල් හින්දු විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය හින්දු බාලිකා විද්‍යාලය.

නව අදහස දක්වන්න