පාර්ලිමේන්තුවට හරිහමන් පිරිසක් තෝරා යැව්වොත් වසර 10කින් මේ රට සංවර්ධනය කළ හැකියි | දිනමිණ

පාර්ලිමේන්තුවට හරිහමන් පිරිසක් තෝරා යැව්වොත් වසර 10කින් මේ රට සංවර්ධනය කළ හැකියි

පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් පත්කර යැවීමේදී ,සුදුසුකම් සොයාබැලීමේ ක්‍රම‍වේදයක් සකස් විය යුතු බවත්,සම්ප්‍රදායික නොවන දේශපාලනඥයෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වයට පත්ව ඇති බැවින්, එතුමාට ගැළපෙන පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගතහොත්, මේ රට වසර දහයකින් සංවර්ධිත රටක් කළ හැකි බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මාතර සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය.

රටේ ව්‍යවස්ථාව වෙනස්විය යුතුයි.රාජ්‍ය සේවාවට යන්න සාමාන්‍ය පෙළ වැඩ 6යි තුනක් තියෙන්‍න ඕනෑ.නමුත් මහජන නියෝජිතයන්ගේ සුදුසුකම් බලන්නේ නැහැ.මේ සියල්ල රටේ වෙනස්වන තත්ත්වයක් නිර්මාණය විය යුතුයි.එය වෙනස් කිරීමේ බලපතළ වගකීමක් රජයට තිබෙනවා.මෙවර පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමේදී ජනතාවට විශ්වාසයෙන් වැඩ කළ හැකි මන්ත්‍රීවරුන් බිහිකරන වාතාවරණයක් ඇති වෙනවා.රටේ වගේම පාර්ලිමේන්තුව ,අධිකරණය කඩා වැටිලා තියෙන්නේ .අධිකරණයේ විනිසුරුවන් දේශපාලනඥයන් හරහා තනතුරු ලබා දෙන්න කියා ඉල්ලන තත්ත්වයක් තිබෙන්නේ.පසුගිය සිරගතවූ සිරකරුවන් සඳහා ලබා දුන් තීන්දු මොන ආකාරයට දී ඇද්ද? යන්න ප්‍රශ්නාර්ථයක්. දේශපාලනයට සම්බන්ධ කිහිපදෙනෙකු අද ජිවිතාන්තය දක්වා සිරිදඩුවම්

විදිනවා. පොදු ජනතාව වගේම දේශපාලන අධිකාරියෙන් මේ සම්බන්ධයෙන් සැක මතුවෙනවා.ස්වාධීන නීති පද්ධතියක් ඇති කිරීමේ වගකීම රජයට තිබෙනවා. පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.සිවිල් නීතිය කඩා වැටිලා. යහපාලනය හරහා සිදුවූ දේ හඩපට හරහා එළියට එනවා.පසුගිය රජය බිඳවැටීමට මහ බැංකු මංකොල්ලය හේතුවුණා.මහ බැංකු මංකොල්ලකරුවන් රටින් පැන ගිහින් ඉන්නවා.තවත් පිරිසක් තවමත් නිදැල්ලේ ඉන්නවා.

ට්‍රිලියන 3 ක වගේ වංචාවක් හොයන්න තවත් බිලියනයක් වගේ වියදම් වෙලා තිබෙනවා.සමෘද්ධිලාභීන් ලක්ෂ 14 ක් මේ රටේ ඉන්නවා.එවගේම රටේ හැම පුද්ගලයෙක්ම රු 533000.00 ණය වෙලා තියෙන්නේ.රට මංකොල්ල කාපු අය නීතියේ රැහැනට ගෙනත්,

මීළඟ අයවැයි හිඟය පියවන්න. මේ වංචාකාරයන්ගේ දේපොළ ජනසතු කළ යුතුයි. පසුගිය රජය කළේ එෆ්.සී.ඩි හරහා වැරදි සොයමින් ජනතා සේවයක් කළේ නැහැ.වත්මන් රජය ඒ මට්ටමට නොවැටිය යුතුයි.මේ රජය ගෙනාවේ ජනතාවට වැඩ කිරීමටයි. පසුගිය ආණ්ඩුවට මෙන් පෙර රජයේ වැරැදි සොයමින් කටයුතු නොකළ යුතුයි.ඉක්මනින්ම වැරැදිකරුවන්ට දඩුවම් කරමින් , සුබසාධන රාජ්‍යයක් නොව ජනතාවගේ ශක්තියෙන් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් විය යුතු බව මනෝජ් සිරිසේන මහතා පැවසීය.

ටී.කේ.මහින්ද 
වැලිගම සමූහ

නව අදහස දක්වන්න