රන්ජන්ගේ හඬපට සමාජගත වීම නවත්වන්න | දිනමිණ

රන්ජන්ගේ හඬපට සමාජගත වීම නවත්වන්න

කිරිබත්ගොඩ ඥානානන්ද හිමියෝ ඉල්ලති

රන්ජන් රාමනායකගේ හඬපට සමාජගත වීමේ ක්‍රියාවලිය නවත්වන්න කටයුතු කරන්නැයි මහනාහිමිවරුන්ගෙන්, බුද්ධශාසන හා සංස්කෘතික අමත්‍යාංශවලින් ඉල්ලා සිටින බව කිරිබත්ගොඩ ඥානානන්ද හිමියෝ ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් උන්වහන්සේ වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කීය........රන්ජන් රාමනායක නමැත්තා පටිගත කරන ලද හඬපට රාශියක් සමාජයේ සැරිසරනවා. භයානක දේ ඒක නොවේ මේක කිසිම වගකීමකින් තොරව යම්කිසි පිරිසක් ෆේස්බුක්, යූටියුබ් මාර්ගයෙන් සමාජගත කරනවා. මෙහෙම ගියොත් අපිට බණ කියන්න රටක් ඉතිරි වෙන්නේ නැහැ.

මහජනයාගේ සදාචාරාත්මක බව රකින්න කැපවෙන්න ඕනේ ඊට කිසිම කෙනෙක්මෙතෙක් ඉදිරිපත්වෙලා නැහැ. ඒ නිසා සමාජ මාධ්‍යවල සැරිසරන මේ අසත්පුරුෂයාගේ බිහිසුණු හඬපට විද්වත් මණ්ඩලයකට පවරා මෙසේ මුදාහරින දේවල් පාලනයකට ලක් කරන්න කියලා සංස්කෘතික අමත්‍යාංශයෙන්, බුද්ධශාසන අමත්‍යාංශයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. අපේ මහානායක හාමුදුරුවන්ගෙන්, අනෙකුත් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉහත කී අමාත්‍යාංශවල යුතුකම තමයි සමාජය ආරක්ෂා කිරීම. රන්ජන් රාමනායකගේ හඬපටවලින් ඉස්මතුවන දේ තමයි ඉකුත් පාලනය ගෙනගිය යු.ඇන්.පී. රජය විසින් සමාජගත කරන්න හදපු සංස්කෘතිය. ඒ සංස්කෘතියට කියන්නේ නිරාගමික සංස්කෘතිය කියලයි. නිරාගාමික සමාජයක් පැමිණියොත් ඇතිවෙන ඉරණම මින් පෙන්නුම් කරනවා.

 

නව අදහස දක්වන්න