එක පැයට අම්බලන්ගොඩ වාහන අනතුරු 3ක් | දිනමිණ

එක පැයට අම්බලන්ගොඩ වාහන අනතුරු 3ක්

කොළඹ ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශ්යේදී විසි වෙනි දින උදේ 8.00 ට පමණ කොළඹ සිට ගාල්ල බලා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක් හා කුඩා ලොරි රථයක් ගැටීම හේතුවෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. බස්රථය ලොරි රථයේ පිටුපස ගැටීම හේතුවෙන් ලොරි රථය අසල වූ කණුවක ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇත.ලොරි රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු තිදෙනෙකු මෙලෙස තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

එදිනම පෙරවරු 7.45 ට පමණ මාතර සිට කොළඹ බලා ගමන් ගත් රුහුණු කුමාරි දුම්රියට අම්බලන්ගොඩ මාදම්පේ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සුඛෝපබෝගී බස් රථයක් ගැටීමෙන් එම බස් රථයට බරපතළ හානි සිදු වී ඇත.එම බස් රථයේ රියදුරු පමණක් සිටි අතර ඔහු සාමාන්‍ය තුවාල ලබා බේරී ඇත. දුම්රියේ හැපුණු බස් රථය අසල වූ විදුලි කණුවක ගැටී තිබේ. . මෙම අනතුරු සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර මෙදින උදෑසන 8.00 ට පමණ කොළඹ ගාලු පාරේ තෙල්වත්ත සුනාමි ස්මාරකය අසල දී යතුරුපැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් සහ එක් අයෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ඒ සම්බන්ධව මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම රිය අනතුරු පැයක පමණ කාලයක් ඇතුළත සිදු වී ඇති බව පොලීසිය සඳහන් කරයි . කරන්දෙණිය සමූහ හා අම්බන්ගොඩ සමූහ

ඡායාරූපය - අම්බන්ගොඩ සමූහ

 

නව අදහස දක්වන්න