බදු සහන අපිටත් දෙන්න | දිනමිණ

බදු සහන අපිටත් දෙන්න

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි

නව රජයේ අරමුණ වන්නේ කඩිනම් සංවර්ධනය කරා ගමන් කිරීමයි. රටේ කඩිනම් සංවර්ධනයක් ඇති කිරීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ලබාගත හැකි දායකත්වය සුවිශාලය. නමුත් රටේ සංවර්ධනයට දායකත්වය සපයන ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ වනවිට ගැටලු රාශියකට මුහුණපා තිබේ. එයට සාර්ථකව මුහුණදීමට නම් රජය හා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අත්වැල් බැඳගත යුතු බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශබන්දු සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.

කෙසේවෙතත් තම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ දී තම සාමාජිකයන් ගැටලු කීපයකට මුහුණපා ඇති බවත්, ඒ මහතා පවසයි. මේ අනුව 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කළ සියලුම බිල්පත් සඳහා 15%ක වැට් බද්දක් ගෙවන ලෙසත් එම වර්ෂයේදී අත්සන් කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා 15%ක උපයනවිට ගෙවිය යුතු බදු දියයුතු බවටත් ඉල්ලීම් කර ඇති අතර දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි බදු සඳහා බදු එකතු කිරීම සිදුවෙමින් පවතින බවටත්, ඒ මහතා ප්‍රකාශකර සිටී.

ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන සමස්ත ගැටලුව සලකා බලා රජය විසින් පනවා ඇති දින සිට 8%ක ප්‍රතිශතය ලබා ගැනීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අසීමිත දඩමුදලක් සමඟ වැට් ගෙවීමට ඇති බැවින් එයට සහනයක් ලබා දෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා ගෙන් සිය සංගමය ඉල්ලීම් කර ඇත.

පළාත් සභා මට්ටමෙන් සිදුකරන ලද වැඩවල මුදල් ප්‍රමාදවීම, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා යෙදවූ මුදල් මේවනවිටත් ගෙවා නොතිබීම හා රජය විසින් ලබා දෙන සහන කිසිවක් බැංකු විසින් ක්‍රියාත්මක කර නොතිබීම මීට හේතුවී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මේ වනවිට ලංකාවේ සියලුම ව්‍යාපෘතිවල ගෙවීමට ඇති මුදල බිලියන තුන්සියයක් පමණ වන බවත්, ස්ථිර අයිරා පහසුකම් ප්‍රමාණය ඉක්මන් කිරීමට පෞද්ගලික බැංකු හා රාජ්‍ය බැංකු මගින් මුදල් ලබා නොදීමත් තවත් ගැටලුවක් වන අතර, වාහනවල ලීසිං ගෙවා ගැනීමට ද ‍මේ නිසා නොහැකි වී තිබේ.

සටහන - පමුදිනි සමරනායක

නව අදහස දක්වන්න