එජාපය ප්‍රමුඛ සන්ධානය ජාතික සමඟි පෙරමුණ නමින් | දිනමිණ

එජාපය ප්‍රමුඛ සන්ධානය ජාතික සමඟි පෙරමුණ නමින්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජාතික සමඟි පෙරමුණ නමින් හංසයා ලකුණ යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කරයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ පාර්ශ්ව අතර ඊයේ(18) පැවැති විශේෂ සාකච්ඡාවේ දී මේ තීරණයට එළඹි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට නියමිතව තිබෙන අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සඳහා අද(19) දිනයේ දී ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුළ පැවැති අර්බුදකාරී තත්ත්වයන් මේ වනවිට අවසන් වී තිබෙන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා සන්ධානයේ නායකයා මෙන්ම එළඹෙන මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බව ද පැවසීය.

නව අදහස දක්වන්න