වගා රක්ෂිතයේ ගින්නෙන් අක්කර 50 ක් විනාශයි | දිනමිණ

වගා රක්ෂිතයේ ගින්නෙන් අක්කර 50 ක් විනාශයි

උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල  සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට පහලින් වු වන වගා රක්ෂිතයක ඊයේ (01) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.

මෙම ගින්න හේතුවෙන් අක්කර 50 පමණ වන වගා රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

හැටන් ස්ටැඩන් වතු යාය මඟින් එම රක්ෂිතයේ යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදු කර තිබු අතර, කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරු 4ට පමණ වන වගා රක්ෂිතයට ගිනි තබා ඇත.

අද(02) අලුයම තෙක් ගින්න පැතිර ගිය අතර , ගින්න උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට ද පැතිර ගොස් තිබුණි.

අලුයම් කාලයේ හැටන් ප්‍රදේශයට පැමිණි අධික පිණි සහිත සිතල කාලගුණයත් සමඟ පැතිර ගිය ගින්න නිවි ගොස් ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස තුනක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් කඳුකරයේ රක්ෂිත ගණනාවකට ගිනි තබා මේ වන විට විශාල පරිසර හානියක් සිදු කර ඇත.

නව අදහස දක්වන්න