හෙම්මාතගම අබලන් පාලම හදන්නේ කවදාද? | දිනමිණ

හෙම්මාතගම අබලන් පාලම හදන්නේ කවදාද?

අලුතෙන් මං තීරු දෙකට සකස් කරන ලද මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගයේ වාගෝල්ල ප්‍රදේශයේ කුඩා ඔයට දමා ඇති පාලමේ ඇදි වැට රිය අනතුරකින් කැඩීගිය කොටස මේ වන විට සකස් කර නොමැති අතර එම ස්ථානයේ ආරක්ෂාවට ලීයක් යොදා පාලමේ බැඳ ඇති අයුරු ඉකුත් 03 දා එහි ගිය අපට දැක ගත හැකි විය. ප්‍රදේශවාසීන් පවසන්නේ දැනට මාස දෙකකට පමණ ඉහතදී පාලමේ මෙම කොටස වේගය පාලනය කර ගැනිමට නොහැකි වු කාර් රථයක් හැප්පිම නිසා කැඩි ගිය බවයි. මාර්ගය සකස් කිරීමෙන් පසුව මාර්ගයේ සිදු වු පළමු හානිදායක සිදුවීම මෙය වන බවත් තවමත් එම ස්ථානය සකස් කර එම ස්ථානයේ ඔබ මොබ යන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඇඳි වැට සකස් නොකිරීම කණගාටුවට කරුණක් වන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

නව අදහස දක්වන්න