මැද්දේගම අබලන් පාලම හදමු ද? | දිනමිණ

මැද්දේගම අබලන් පාලම හදමු ද?

කිරිඳිවැල හංවැල්ල මාර්ගයේ මැද්දේගම පාලම ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබේ. පාලමේ දෙපස පිපිරිම් සිදුවි ඇති අතර ආරක්ෂක වැටද ඇදවෙමින් පවති. දිනකට දිවා රාත්‍රී වාහන දහස් ගණනක් මෙම මාර්ගයේ ගමන් කරන අතර හංවැල්ල නිට්ටඹුව සම්බන්ධ කරන ප්‍රධාන එකම මාර්ගය ද මෙය වෙයි. මගී බස් රථ, ලොරි, තෙල් බවුසර් වැනි අති විශාල බරකින් යුත් වාහන මෙම මාර්ගයේ ගමන් කරන අතර පාලම භයානක තත්ත්වයකට පත්වෙමින් පවති. එමෙන්ම ඒ ආසන්නයේ කිරිඳිවැල හිස්වැල්ල මාර්ගයේ පාලමද දැනට කඩාවැටෙමින් පවති. එම මාර්ගයේ වාහන ගමනාගමනය මේ වන විට නවතා දමා ඇති අතර පාලමේ කොටසක් කඩාවැටී ආරක්ෂක වැටද කඩා වැටී තිබේ.

මෙම මාර්ගයේද කිරිඳිවැල සිට අවිස්සාවේල්ල දක්වා මගී බස්රථ සේවයක්ද පවතින අතර විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් කරන මාර්ගයකි. මෙම පාලම් දෙකම දොම්පේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වන වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේම ඇති පාලම් දෙක වේ. මෙම පාලම්වලට මහා මාර්ග අධිකාරියේ කිරිඳිවැල කාර්යාලයේ සිටි ඇති දුර කි.මී. 1/2ක් පමණය. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නාමෙන් මගීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 ජී.එස්. තැලිගම - කිරිඳිවැල සමූහ

නව අදහස දක්වන්න