වවුනියාවේ දෘෂ්‍යාබාධිත 250කට ඇස් කණ්ණාඩි | දිනමිණ

වවුනියාවේ දෘෂ්‍යාබාධිත 250කට ඇස් කණ්ණාඩි

කොළඹ රොටරි සමාජයෙන් වවුනියාවේ දෘෂ්‍යාබාධිතයන් 250කට ඇස් කණ්ණාඩි ලබාදුනි. වන්නි ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ අරක්ෂක ‍සේනා වන්නි බළප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී දෘෂ්‍යාබාධිත පිරිස් සඳහා දෑස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් ආසේමු වන්නි ශ්‍රවණාගාරෙය්දී පසුගියදා 09 වැනි දින සිදු කරන ලදි.

මෙම මහඟු සත්කාරය කොළඹ රොටරි සමාජයේ සභාපතිවරයා වන සුපෙම්ද සිල්වා මහතා සහ එහි සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වය ලබාදී ඇති අතර මේ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි බලප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම් ලාභි පවුල්වල සිංහල, දමිළ සහ මුස්ලිම් දෘෂ්‍යාබාධිත පිරිස් සහභාගීවී සිටියහ.

වවුනියාව මධ්‍යම විශේෂ 
බණ්ඩාර විපුලසේන

නව අදහස දක්වන්න