රට හරහා දිවීමේ තරගය ඉරිදා | දිනමිණ

රට හරහා දිවීමේ තරගය ඉරිදා

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන ජාතික රට හරහා දිවීමේ තරගය මේ මස 15 වන ඉරිදා දින පෙ.ව.6.00 ට නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගය පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එය දකුණු ආසියා රට හරහා දිවීමේ තරගය හා ජාතික රට හරහා දිවීමේ තරගය ලෙස පැවැත්වීමට නියමිත විය. එහෙත් චීනයේ පැතිර යමින් පැවැති කොරෝනා වෛරසය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වෙයි. එමෙන්ම යුද හමුදා ස්වේච්ඡා රට හරහා දිවීමේ තරගය කල් දැමුණි. පසුගිය වසරේ පැවති ජාතික රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය ඌව පළාතේ එරන්ද තෙන්නකෝන් හා කාන්තා අංශයේ ජය නැගෙනහිර පළාතේ එච්. එම්. එන්. නන්දසේන වාර්තා කළහ. තෙන්නකෝන් විනාඩි 33. 03කින් හා නන්දසේන විනාඩි 41. 06කින් මෙම ජයග්‍රහණ ලැබූහ.

නව අදහස දක්වන්න