ප්‍රසිද්ධ මහජන උත්සව සහ රැස්වීම් තහනම් | දිනමිණ

ප්‍රසිද්ධ මහජන උත්සව සහ රැස්වීම් තහනම්

ඉදිරි සති දෙකක කාලය තුලදී ප්‍රසිද්ධ මහජන උත්සව සහ රැස්වීම් ආදිය පැවැත්වීමට අවසර නොදෙන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.
 
ඇයි මේ බව කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද(14) පැවැති මාධ්‍ය හමුවේදීය. 
රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මෙම උපදෙස් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
 
මිට අමතරව පුද්ගලිකව පවත්වන සාද සහ ප්‍රිය සම්භාෂණ ආදිය ඉදිරි සති දෙකක කාලය සඳහා පැවැත්වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන ලදි.
 

නව අදහස දක්වන්න