ඛනිජ බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමක් | දිනමිණ

ඛනිජ බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමක්

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන්වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් මස 30වනදා දක්වා දීර්ඝ කර ඇත.
 
එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹි බවයි. 
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 - 574 88 75 දුරකථන අංකය ඔස්සේ අධ්‍යක්‍ෂ, ඛනිජ හිමිකම් ඇමතීමෙන් ලබා ගත හැකිය.

නව අදහස දක්වන්න