“ඔන්කෝල් හෝම් ඩිලිවරි” ඉංගිරිය රයිගම් උඩුගහපත්තුවෙත් | දිනමිණ

“ඔන්කෝල් හෝම් ඩිලිවරි” ඉංගිරිය රයිගම් උඩුගහපත්තුවෙත්

ඉමෝ, වට්ස්ඇප්, මැසෙන්ජර් ආදී නවීන තාක්ෂණික පහසුකම් කිසිවකින් තොරව වුවද අගනුවර සහ තදාසන්න දියුණු සමුපකාර සමිතිවලින් මේ දිනවල සිදුකෙරෙන සේවාවටම සමාන වන අයුරින් “ඔන්කෝල් හෝම් ඩිලිවරි” නමින් නවතම සේවාවක් අවම පහසුකම් තත්ත්ව යටතේ ක්‍රියාත්මක වන ඉංගිරිය රයිගම් උඩුගහපත්තු විවිධ සේවා සමුපකාර සමිතිය විසින් අරඹා තිබේ.

අවදානම් කලාපයක් වශයෙන් රතු නිවේදන ක්‍රියාත්මක කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ අවට ජනතාව වෙනුවෙන් ඇඳිරි නීති වාතාවරණය යටතේ උපරිම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් ඉංගිරිය විවිධ සේවා සමුපකාර සමීතියේ සභාපති සිසිර කුමාර ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම සේවාව ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට ඉංගිරිය සමුපකාර සමිතියට අයත් සියලු කෝප් සිටි, මිනි කෝප්සිටි සහ ප්‍රාදේශික සියල්ලකින්ම මෙම සේවාව ඇරඹීමට කටයුතු පිළියෙළ කර ඇත. නවීන තාක්ෂණික මෘදුකාංග පහසුකම් කිසිත් නොමැති වුවද දුරකථන ඇමතුමකින් ඇණවුම් කෙරෙන භාණ්ඩ පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතටම ගෙන ගොස් දීම මේ යටතේ සිදුකෙරෙන අතර ඊට අමතරව පාරිභෝගික අවශ්‍යතාව අනුව පමණක් ලබාගත යුතු අත්‍යවශ්‍ය නොවන අනෙකුත් භාණ්ඩ වාහන මඟින් නිවෙස් අසළට ගෙන ගොස් ජනතාවගේ ඉල්ලුම අනුව ඒවා ලබාදීමටද කටයුතු කර තිබේ.

ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

නව අදහස දක්වන්න