බස්නාහිර පළාත් කාර්ය සාධක බළකා පළමු හමුව ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් | දිනමිණ

බස්නාහිර පළාත් කාර්ය සාධක බළකා පළමු හමුව ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

බස්නාහිර පළාත් කාර්ය සාධක බළකා පළමු හමුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පසුගියදා (02) පැවැත්විණි .

එහිදී දැනට බස්නාහිර පළාත තුළ උද්ගතව ඇති ගැටලු හා ඉදිරියේ දී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු අවම කිරීමට ගත ක්‍රියාමාර්ගයන් ගැනත් ගත යුතු කඩිනම් විසදුම් හා ඉදිරි පියවර පිළිබඳවත් සාකච්ඡා විය.

බස්නාහිර පළාත් නිලධාරීන් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශය සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය ගැන ආණ්ඩුකාරවරයා මෙහිදී උපදෙස් දී ඇත. සතියකට වරක් කොරෝනා වෛරස ගැටලුව ගැන එකතුව කටයුතු කිරීමට තීරණය විය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් දිස්ත්‍රික්ක තුන හා විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජයතුංග මහත්මිය ඇතුළු බස්නාහිර පළාතේ සියලුම උසස් රාජ්‍ය නිලධාරීහු , සෞඛ්‍ය අංශ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීහු සහභාගි වූහ.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න