වෙසක් සමරු මුද්දර නිකුතුව අගමැති ප්‍රධානත්වයෙන් අද | දිනමිණ

වෙසක් සමරු මුද්දර නිකුතුව අගමැති ප්‍රධානත්වයෙන් අද

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම නිමිත්තෙන් සමරු මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීම අද (06) අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම, ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං යන තේමාව මුල් කරගනිමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත. ඒ වෙනුවෙන්, මිනිසාගේ මානසික මෙන්ම කායික රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක්ද,

2564 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම‍ රාජ මහා විහාරයේ බිතු සිතුවමක් නිරූපනය වන රු.15.00 ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක්ද

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට නියමිතය.

මෙම සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද( 06) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න