දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුකරන වීඩියෝ තැනූ තරුණයෙක් දැලේ | දිනමිණ

දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුකරන වීඩියෝ තැනූ තරුණයෙක් දැලේ

දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමු වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල වෙත යොමු කිරීමට ඔවුන්ව පොළඹවන ලද බව කියන තරුණයෙක් පෙරේදා (06) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රත්නපුර වේවැල්වත්තේ ගලබඩ පදිංචිකරුවෙක් වන එම සැකකරු විසි එක් වියැතිය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් ලෙස පෙනී සිටින්නෙක් වන ඔහු වෘත්තයෙන් ඡයාරූප ශිල්පියෙක් බව සදහන්ය.

ප්‍රචණ්ඩ ක්‍රියා සහ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරීමට දරුවන් පොළඹවා ඇත්තේ මේ පුද්ගලයා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ. එම දරුවන් සහ මේ පුද්ගලයා අතර දැන හැදුනුම්කම් ගොඩ නැගී ඇත්තේ ද සමාජ මාධ්‍ය ඔස්සේ බවත් ඔවුන් එකිනෙකා මුණ ගැසී දැන හදුනන අය නොවන බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න