වයඹ පළාතේ පවුල් 12766කට වැසිකිළි නෑ | දිනමිණ

වයඹ පළාතේ පවුල් 12766කට වැසිකිළි නෑ

වයඹ පළාතේ පවුල් 12766කට වැසිකිලි නැති බව වයඹ පළාත් සභාවේ ග්‍රාමීය ජල සැපයුම් අංශයේ අධ්‍යක්ෂ නඳුන් ආර් සම්පත් මහතා කියයි. ජල සේවා කර්මාන්තය පිළිබඳව වයඹ පළාත් මහජන උපදේශනය පිළිබඳව වයඹ පළාත් සභා ලිච්ඡවී ශාලාවේ පැවති මහජන උපයෝගිතා කොමිෂන් සභාව හමුවේ දී අධ්‍යක්ෂවරයා මේ බව කියා සිටියේය.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේ, ''විශේෂයෙන්ම අපේ පළාතේ බොහෝ ප්‍රදේශවල ජල ගැටලුව තියෙනවා. ජල සම්පත් දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය යන ආයතන දෙකම, ජංගම රථවලින් ජලය අලෙවි කිරීමේදී නියාමනයක් නැති බව අවධාරණය කළ යුතුයි . පසුගිය කාලයේ දී ඇතැම් ප්‍රදේශවලට ලබා දුන් ජලයේ මාලු පැටවුන් පවා හිටියා. ඒ වගේම ජලයෙහි ගුණාත්මක බව පරික්ෂා කිරීමට ඒ ඒ ප්‍රදේශවල දී පරික්ෂා කිරීමේ පහසුකම් සලසා දෙනවා නම් ඒකත් විශාල සහනයක් වෙනවා. ජල පරීක්ෂණ ගාස්තුව සංශෝධනයක් විය යුතුයැ යි කියලා මා අදහස් කරනවා. විශේෂයෙන්ම මතුපිට ජලය ලබා ගැනීමේදී ප්‍රජාමූල සංවිධානවලට එය විධිමත්ව කළ යුතු බව මා අදහස් කරනවා.

පසුගිය වර්ෂ දෙකේදී අපි විධිමත් වැසිකිලි 1100ක් ලබා දුන්නා. එහෙත් තවමත් වයඹ පලාත තුළ පවුල් 12766කට විධිමත් වැසිකිලි නෑ. පානීය ජල ගැටලුව වගේම ජනතාවගේ සනීපාරක්ෂක ගැටලු පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය .

 

 

චාන්දනී දිසානායක සහ කුමාරි දිසානායක -

ඉබ්බාගමුව සමූහ

නව අදහස දක්වන්න