කොළඹ ගෆූර් ගොඩනැඟිල්ල් ප්‍රතිසංස්කරණ කටයුතු | දිනමිණ

කොළඹ ගෆූර් ගොඩනැඟිල්ල් ප්‍රතිසංස්කරණ කටයුතු

ජනපති - අගමැති  උපදෙසින්  අද ඇරැඹේ

කොළඹ ගෆූර් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් අද (8) සිට ආරම්භ වේ.

එවකට නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා 2012 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2015 න් පසු අතරමඟ ඇණහිට තිබූ ව්‍යාපෘතියක් වන අතර මිලියන 620 ක වියදමකින් නැවත එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භවේ.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් යටතේ කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ පැරණි ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ කොළඹ ගෆූර් ගොඩනැඟිල්ල ප්‍රතිංස්කරණය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කෙරේ.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අැමැති ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු අද (8)දින උදේ 8.30 ආරම්භ කිරිමට නියමිතයි.

නව අදහස දක්වන්න