ප්ලාස්ටික් බිත්තර දාලා රෝල්ස් හදලා | දිනමිණ

ප්ලාස්ටික් බිත්තර දාලා රෝල්ස් හදලා

ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වව්නියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුගියදා (09) වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී ඇත. නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී ඇත. වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරීක්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි කර ගැනීමට හැකි වී තිබේ. මේ දිනවල බිත්තරවල මිල ගණන් අධික වීම හේතුවෙන් හෝටල් හිමියා මේ ක්‍රියාව සිදු කරන්නට ඇතැයි විශ්වාස කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

 

නව අදහස දක්වන්න