හොරෙන් ගෙන්වූ තිස්හය ලක්ෂයක් දුම්වැටි ගිනි තබයි | දිනමිණ

හොරෙන් ගෙන්වූ තිස්හය ලක්ෂයක් දුම්වැටි ගිනි තබයි

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් දහතුන් කෝටි තිස්හය ලක්ෂයක් වටිනා දුම්වැටි 2,353780ක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය මඟින් පියවර ගෙන තිබේ.

මෙම දුම්වැටි බහාලුම දුම්වැටි ආනයනය කිරීමේ බලපත්‍රයකින් තොරව Soft Tobacco ලෙස ප්‍රකාශ කරමින් නීති විරෝධී ලෙස ආනයනය කර තිබේ.

මේ දුම්වැටි විවිධ වර්ගයේ වන අතර, ඒවා කල් ඉකුත්වීමට ආසන්න තත්ත්වයේ දුම්වැටි වේ. විමර්ශන අවසානයේ අදාළ බහාලුම රාජසන්තක කර ලංකා දුම්කොළ සංස්ථාව වෙත විනාශ කිරීම සඳහා බාර දී ඇත.

මේවා යුරෝපීය රටක සිට ඩුබායි හරහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර මධ්‍යම විමර්ශන අංශයේ රේගු අධ්‍යක්ෂ ඒ. පී. එන්. ඒ. අබේරත්න, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී. උදිත ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරි එච්. එම්. එන්. එස්. රාජගුරු, සහකාර රේගු අධිකාරිවරුන් වන අරුණ ශාන්ත අමරසිංහ, ඒ. ආර්. එච්. පොත්පිටිය, එස්. ඒ. ඩී. වී. දීමන්ත ර, ජී. ටී. ආර්. රාමවික්‍රම, ඩී. ඒ. ටී. ඩබ්. චන්ද්‍රලාල්, සහ ඩී. ටී. එස්. පෙරේරා යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළහ.

නව අදහස දක්වන්න