මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි | දිනමිණ

මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් හඳුන්වා දෙන ලද මංතීරු නීතිය අද සිට (14) නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.මාර්ග හතරක් ඔස්සේ මේ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

මංතීරු නීතිය පිළිනොපදින රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න