ෆින්ච්ගේ උත්සාහය අපතේ යයි | දිනමිණ

ෆින්ච්ගේ උත්සාහය අපතේ යයි

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ආරොන් ෆින්ච්ගේ අර්ධ ශතකය අපතේ හරිමින් මැන්චෙස්ටර් නුවර පෙරේදා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 24ක ජයක් අත් කර ගැනීමට එංගලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල ඕවර 50 අවසානයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 231ක හඹා ගිය සංචාරක ඔස්ට්‍රේලියානු පිලේ ඉනිම ජොෆ්රා ආචර් ඇතුළු පන්දු යවන්නන් විසින් ලකුණු 207කට සීමා කිරීමෙන් ජයග්‍රහණය සපුරා ගත් එංගලන්තය 1-1ක් ලෙස එක්දින තරගාවලිය සමකර ගැනීමට ද සමත් විය. ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානුවන්ගේ පළමු කඩුලු 2 ලකුණු 37කදී බිඳ වැටුණු අතර, පසුව නායක ෆින්ච් සහ මානස් ලබුස්චැන්ග් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඉනිම පිළිසකර කිරීම කැපී පෙනුණි. හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමග ලකුණු 73ක් රැස් කිරීමට ෆින්ච් සමත්වූ අතර, ලබුස්චැන්ග් ලකුණු 48ක් රැස් කළේය. එහෙත් ඉන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් අසරණ කළ එංගලන්ත පිලේ පන්දු යවන්නෝ තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට හරවා තැබූහ.

ආචර්, ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් කඩුලු 3 බැගින් දවාලූහ.

නව අදහස දක්වන්න