උඩුනුවර ගෝනාධිකාරිවත්ත ගමේ පවුල් 150ක් අපා දුකේ | දිනමිණ

උඩුනුවර ගෝනාධිකාරිවත්ත ගමේ පවුල් 150ක් අපා දුකේ

නිදහස ලබා වසර 70ක් ගත වූවත් 21 වැනි සියවසට පා තැබූ අප රටේ මාර්ග, පානීය ජලය, නිවාස නැති කලියුග කාලේ ගම්මානයක් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ආසනයේ ඇත.ගෝනාධිකාරි වත්ත නම් වෙන මේ ගම්මානයේ පවුල් 150ක් පමණ ජීවත් වෙති. මහවැලි ගඟ ඇළවල ගමි්මානය අසලින් ගලා ගියත් මේ ජනතාවට තම අවශ්‍යතා සපුරා ගැනීමට ජලය නැත. අනිත් ආසනවල අතුරු මාර්ග කාපට් කරත් මේ ගම්මානයට එ්වා නැත. හිටපු ජනපතිවරු, නිවාස ඇමැතිවරු, නිවාස ගම්මාන දහස් ගණනක් ලංකාවෙ සංවර්ධනය කරත් මේ ජනතාවට එහි ප්‍රතිලාභ නැත.

රාම ක්‍රිෂ්ණා මෙසේ කීය. අප උපන්දා සිට ජීවත් වෙන්නේ මේ ගම්මානයේ. අපට ඉන්න හරියට නිවෙසක්, ඉඩමක් නෑ. එක නිවෙසක පවුල් දෙක තුනක් ජිවත් වෙනවා. දැඩි අපහසුතාවකින් අප සිටින්නේ.දරුවන්ට ඇති එකම පාසලේ ගුරුවරු නෑ. උඩුනුවර ප්‍රාදේශීය සභාවෙන් අපට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. ප්‍රාදේශීය සභා, පළාත් සභා මහා මැතිවරණයට ගමට එන විවිධ පාට පාට සංවිධායකයන් අපව රවටා යනවා.

එන්. ජි. සෝමාවති - අප අහසින් වැටුණා සේ ජීවත් වෙනවා. වත්තේ වැඩ කර ගන්නා වැටුප නිවාස හදන්න මදි. දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ නවතිනවා. ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු, හිමිවරු හිටියත් අපට වැඩක් නෑ. පානීය ජලය ඉල්ලා ලිපි 150ක් පමණ සභාවට භාර දී තිබෙනවා.

කේ.ජි කන්නම්මා - මම පරම්පරා තුනක දරුවන් හදා තිබෙනවා. නමුත් තවම ජීවත් වෙන්නේ මේ ලයිමෙ තමයි. අපට කිසිම සහනයක් නෑ. කැලේට ගොස් ඇති ඉඩම් බෙදා දී නිවාස, ජලය මාර්ග පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලනවා.

නව අදහස දක්වන්න