වේහැල්ලේ පියතිලක අභාවප්ප්‍රාප්ත වෙයි | දිනමිණ

වේහැල්ලේ පියතිලක අභාවප්ප්‍රාප්ත වෙයි

අනුර ප්‍රේමලාල්

ප්‍රවීන මාධ්‍යවේදියකු, සාහිත්‍යධරයකු මෙන්ම කලා ශිල්පියෙකු වු වේහැල්ල පියතිලක මහතා (90) ඊයේ (15) අභාවප්ප්‍රාප්තවිය.

කොළඹ මුහන්දිරම් පීරිස්, ගිමාරාහාමි හේවා කොළඹගේ දෙපළට දාව වසර 1930 මැයි මස 03 වන දින මාතර වේහැල්ලේ දී පවුලේ දෙවැනි දරුවා ලෙද උප්පත්තිය ලද වේහැල්ල පියතිලක මහතා ඌරුගමුව මෙතෝදිස්ත , මාතර, දික්වැල්ල බටහිර පාසල, දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

කලක් රෝගාතුරව සිට මෙසේ මිය ගොස් ඇති ඒ මහතා හැත්තෑව දශකයේදී ‘අපට පුතේ මගක් ඇතේ‘, කඩදහි කොටි, උරචක්‍රමාලේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක්ම නිර්මාණය කරමින් කලා ලොවට නවකයින් රැසක් හඳුන්වාදීමට පුරෝගාමිවිය. සරත් දසනායක නිෂ්පාදනය කළ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ මිහිදුම් සිහින චිත්‍රපයේ කලා අධ්‍යක්ෂණය කරමින් රංඟනයට එක්විය. එමෙන්ම ඒ මහතා කලා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් රංඟන ශිල්පියෙක් ලෙස විශ්මය අතුළු චිත්‍රපට ගණනාවක කටයුතු කර තිබේ. පසුව ගීපද රචනයට එක්ව සිටි අතර ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගායනා කළ ‘සමානවී ඉපිදී‘ ගීතයද ලියා ඇත. සාහිත්‍යධරයකු ලෙස නවකතා,කෙටිකතා හා කවි රචනා කර තිබෙන අතර ඇත්ත පුවත් පතෙන් මධ්‍ය ක්ෂේත්‍රයට එක්වු වේහැල්ලේ මහතා කිණිහිර, රසවාහිණි හා පසුව දිනමිණ පුවත්පතේදි සේවය කළේය. කලා ක්ෂේත්‍ර ගණනාවකම දස්කම් පෑ වේහැල්ලේ මහතා දැව සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙසද ක්‍රියා කළේය. විජය කුමාරතුංගයන් සමග එක්ව දේශපාලන කටයුතුවලට එක්වු ඒ මහතා 1977දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ආසනයට මහා මැතිවරණයට ඉදිරිපත්වී ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය.

නන්දා වේහැල්ල මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ වේහැල්ල මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන ජනජීව වේහැල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු දිමුතු ජනදර්ශනී වේහැල්ල යන දරුවන්ගේ පියාද වේ.

‘සමගි නිවස‘ කහටගස්දිගිලිය යන නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (17) සවස 3.30ට කහටගස්දිගිලිය, පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න