විලියම් සහ හැරී සිය මුත්තනුවන්ට උපහාර දක්වයි | දිනමිණ

විලියම් සහ හැරී සිය මුත්තනුවන්ට උපහාර දක්වයි

 
එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ රාජකීය අවමංගල්‍යයට සහභාගී වීම සදහා හැරී කුමරු බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. 
 
ඒ අනුව සිය මුත්තනුවන්ට අවසන් ගෞරව දැක්වීම සදහා හැරී කුමරු හීත්‍රෝ ගුවන් තොටුපළින් සිය මව්බිමට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අමෙරිකාවේ සිටයි. 
 
ඒ අනුව කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ  මුත්තනුවන් වන එඩින්බරෝ ආදිපාදවරයාට උපහාර දැක්වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
 
එඩින්බරෝ ආදිපාදවරයා පිළිබඳ අදහස් දක්වමින් වැඩිමහල් මුණුබුරාවන විලියම් කුමරු සදහන් කර ඇත්තේ සිය මුත්තනුවන් අසහය මිනිසෙකු බවයි. "මට මගේ සීය නැති වීම ඉදිරියේත් දැනේවි." යනුවෙන් ද විලියම් කුමරු තවදුරටත් පැවසීය.
 
පිලිප් කුමරු වයස අවුරුදු 99 දී වින්ඩ්සර් කාසල්හිදී පසුගියදා මිය ගියේය. ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත රාජකීය අවමංගල්‍ය උළෙල සජීව ලෙස විකාශය කරනු ලබන්නේ බීබීසී ලෝක සේවය විසිනි. 

නව අදහස දක්වන්න