අද සිට අධිවේගී මාර්ගයේ විශේෂ සැලැස්මක් | දිනමිණ

අද සිට අධිවේගී මාර්ගයේ විශේෂ සැලැස්මක්

ඊයේ(14) අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරට හේතුව ලෙස මාර්ගයේ රථ වාහන දෙකක් අතර නිසි පරතරය තබා නොගැනීම ප්‍රධාන හේතුවක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
මේ හේතුවෙන් අද සිට අධිවේගී මාර්ගයේ රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණ රාජකාරි සැලස්මක් ක්‍රියාත්මක කෙරේ.
 
එබැවින් රිය ධාවනයේ දී වාහන දෙකක් අතර නියමිත පරතරය තබා ගෙන යම් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට උත්සාහ දරන ලෙස ඔහු අධිවේගී මග භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටියි. එසේම වේග සීමාව පිළිපැදීමටත් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සාමාන්‍ය දිනයක රියදුරන් අධිවේගී මාර්ගයේ දී කිලෝමීටර් 100 ක වේගයක් පවත්වා ගත යුතු නමුත් වර්ෂාව ඇති වුවහොත් වහාම වේගය අඩු කර ගත යුතු බවයි. එසේම අධිවේගී මාර්ගයේ රිය පැදවීමේදී ජංගම දුරකථනයෙන් කතා කිරීමෙන් වළකින ලෙස ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
 
අධිවේගී මාර්ගයේ ඊයේ අධික වාහන ප්‍රමාණයක් ගමන් කර ඇත.
 

නව අදහස දක්වන්න