සතොස ආදායම කෝටි 275යි | දිනමිණ

සතොස ආදායම කෝටි 275යි

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ එනම් අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා දිවයින පුරා සතොස අලෙවිසල් ජාලය රුපියල් කෝටි 275ක වාර්තාගත ආදායමක් උපයා ඇත.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ආදායම ඉහළ නැංවීම සඳහා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය බෙහෙවින් ඉවහල් වී තිබේ.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න