ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 3ක් මරුට | දිනමිණ

ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 3ක් මරුට

ටෙක්සාස්හි ඔස්ටින්හි දී සිදු වූ වෙඩි තැබීමකදී පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ 41 හැවිරිදි ස්ටීවන් නිකලස් බ්‍රොඩ්රික් ය. වෙඩි තැබීමෙන් පසු පලා ගිය ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ෂෙරිෆ් කාර්යාලයක හිටපු රහස් පරීක්ෂකයකු වන අතර, ඔහු කුඩා දරුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිටියේය. මේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බ්‍රොඩ්රික් රැකියාවෙන් ඉල්ලා අස් වූයේ පසුගිය වසරේදීය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ. සැකකරු සෙවීම අඛණ්ඩව සිදුවන බැවින් නිවැසියන්ට දිගටම නිවෙසේ රැඳී සිටීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

නව අදහස දක්වන්න