ඉන්දීය යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් | දිනමිණ

ඉන්දීය යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම්

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ පසුගිය 18 වනදා සිදුවූ අනතුර හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි බවට පැවසෙන අතුරුදන් ධීවරයා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කළ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටියි.
 
අනතුර හේතුවෙන් මුහුදේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්‍රාව තුළ සහ ඒ අවට ඊයේ (19) උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් පරීක්‍ෂා කිරීම් සිදුකළ අතර, එම පරීක්‍ෂා කිරීම් මඟින් ද අනතුරට පත් ධීවරයා සොයා ගැනීමට නොහැකි විය.
 
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් වේග ප්‍රහාරක යාත්‍රා යෙදා ගනිමින් සෙවීමේ හා මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්ද මෙම අතුරුදන් වූ ඉන්දීය ධීවරයා සොයා ඉන්දීය මුහුදු ප්‍රදේශය තුළ පරීක්‍ෂා කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.
 
එසේම මෙම අනතුරින් මුදා ගන්නා ලද ඉන්දියානු ධීවරයින් දෙදෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 18 වනදා රාත්‍රියේ ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ඊයේ(19) ඉදිරි නීතිමය කටයුතු‍‍‍‍‍ සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

නව අදහස දක්වන්න