ග්‍රාම නිලධාරි පුරප්පාඩු 9,000ක් | දිනමිණ

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 9,000ක්

  • බඳවා ගැනීමේ තරග විභාගය දිගු කලකින් පවත්වා නෑ
  • එක් ග්‍රාම නිලධාරීවරයකුට වසම් කිහිපයක වැඩ බලන්න වෙලා

දිවයින පුරා ග්‍රාම නිලධාරි පුරප්පාඩු 9,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එච්. එම්. චිත්‍රානන්ද මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

 විභාග දෙපාර්තමේන්තුව පසුගිය මාස කිහිපයේ කාර්ය බහුල වීම හේතුවෙන් ග්‍රාම සේවා තරග විභාගය පැවැත්වීම සඳහා දිනයක් යොදා ගැනීමට නොහැකි වූ බව කියා සිටි එහි ලේකම්වරයා ලබන ජූලි මාසයේදී ඒ සඳහා වන තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

මේ වනවිට දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14,022ක් පවතින බව ද පැවැසූ ලේකම්වරයා ඉන් ග්‍රාමසේවා වසම් 9,000ක පුරප්පාඩු පවතින බවත් කියා සිටියේය.

මේ හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වැඩ ආවරණය කිරීමට එක් නිලධාරියකුට සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චිත්‍රාන්නද මහතා කියා සිටියේය.

පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට මේ වනවිට අයැදුම්පත් කැඳවා අවසන් බවත් හැකි ඉක්මනින් මේ සඳහා වන තරග විභාගය පවත්වා පුරප්පාඩු පියවීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.  විභාග දෙපාර්තමේන්තුව පසුගිය මාස කිහිපයේ කාර්ය බහුල වීම හේතුවෙන් ග්‍රාම සේවා තරග විභාගය පැවැත්වීම සඳහා දිනයක් යොදා ගැනීමට නොහැකි වූ බව කියා සිටි එහි ලේකම්වරයා ලබන ජූලි මාසයේදී ඒ සඳහා වන තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

මේ වනවිට දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14,022ක් පවතින බව ද පැවැසූ ලේකම්වරයා ඉන් ග්‍රාමසේවා වසම් 9,000ක පුරප්පාඩු පවතින බවත් කියා සිටියේය.

මේ හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වැඩ ආවරණය කිරීමට එක් නිලධාරියකුට සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චිත්‍රාන්නද මහතා කියා සිටියේය.

පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට මේ වනවිට අයැදුම්පත් කැඳවා අවසන් බවත් හැකි ඉක්මනින් මේ සඳහා වන තරග විභාගය පවත්වා පුරප්පාඩු පියවීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න