නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය | දිනමිණ

නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි
 
ඒ අනුව, නැඳුන්ගමුවේ හස්තියා ව ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අගමැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත
 
නැඳුන්ගමුවේ හස්තියා දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍යයන් සඳහා සහභාගී වී ඇති අතර   2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13ක දී දළදා කරඬුව වැඩම වීමට වාසනාවන්ත විය
 
2022 මාර්තු මස 07 වන දින ජීවිතක්ෂයට පත් නැඳුන්ගමුවේ හස්තියාගේ මෘත ශරීරය සංරක්ෂණය කර තැබීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් පවතින බව ද වාර්තා වෙයි

නව අදහස දක්වන්න