කළුතර පක්ෂ විපක්ෂ රැසකගේ දේපළ සුන් | දිනමිණ

කළුතර පක්ෂ විපක්ෂ රැසකගේ දේපළ සුන්

කොළඹ ගාලු මුවදොර සාමකාමී අරගලයකයෙදී සිටි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසකට පහර දීම් සිදු කොට ඔවුන්ගේ අට්ටාල හා වෙනත් සැරසිලි ආදිය කඩා විනාශ කොට යළි ගමිබිම් බලා පිටත් වූ බවට සැක කෙරෙන පොදුජන පෙරමුණු පාක්ෂික ක්‍රියාකරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු දේශපාලන ක්‍රියාකරුවන්ගේ නිවෙස් හා පක්ෂ කාර්යාල විශාල සංඛ්‍යාවක් නොහඳුනන පිරිස් විසින් එදිනම සවස් වරුවේදී විනාශ කර තිබූ බව වාර්තා විය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේද පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රැසකගේ නිවාස හා දේපල විශාල ලෙස විනාශ කිරීම්වලට ලක් වී ඇති බව වාර්තා විය.

කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු දිස්ත්‍රික් සංවිධායක, වරාය හා නාවික කටයුතු හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බේරුවල, පයාගල පිහිටි නිවාස ගිනි තබා විනාශ කර ඇති අතර ඒ මහතාට අයත් කළුතර දකුණ, සාරානන්කෝද මාවතෙහි,⁣ හින්විදු කෝවිල ආසන්නනයෙහි, තිබූ පක්ෂ කාර්යාලයටද දැඩි හානි සිදු කර තිබිණි.

එමෙන්ම එම මාවතෙහිම තිබූ කළුතර එ.ජා.ප. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (හිටපු) ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ පක්ෂ කාර්යාලයටද දැඩි අලාභ හානි සිදු කර ඇත.

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති, සංජීව ආරියරත්න මහතාගේ කළුතර දකුණ විජයගම පිහිටි නිවසටද ගල්මුල් ගසා දොර ජනෙල්වලට හානි සිදු කර ඇති අතර ඒ මහතාගේ නිවෙසේ තිබූ යතුරුපැදියක්ද පුළුස්සා දමා ඇතැයි වාර්තා විය.

එමෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රෑන්ක් වසන්ත සිල්වා මහතාගේ කළුතර නාගොඩ මහ රෝහල ඉදිරිපිට ඇති නිවාසයද එදින සවස පුළුස්සා දමා නිවෙස විශාල ලෙස විනාශ කර ඇති අතර නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් හා යතුරුපැදියක්ද සම්පූර්ණයෙන්ම පුළුස්සා විනාශ කර ඇතැයි ඒ මහතා පැවසීය.

පොජන පෙරමුණු කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසකීර්ති ගුණතිලක මහතාගේ වාද්දුව මාවල පිහිටි නිවසටද ගල්මුල් ගසා අලාභ හානි සිදු කර ඇතැයි දැකගන්නට ලැබිණි.

මේ අතර පාණදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාට අයත් පාණදුර කළුදෑවල පිහිටි නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර ඇති අතර ඔහුට විශාල අලාභ හානි රැසක්ම සිදු කර ඇතැයි ඒ මහතා පැවසීය.

එම සභාවේ ක්‍රියාකාරී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුමිත් අතුකෝරාල සහ ක්‍රිෂාන් චමින්ද යන මහත්වරුන්ට අයත් මාලමුල්ල බටහිර හා මොල්ලිගොඩ පිහිටි නිවෙස්වලටද දැඩි හානි සිදු කර ඇත.

එමෙන්ම එම සභාවට අයත් චම්පිකා පෙරේරා මහත්මියට අයත් තල්පිටිය දකුණ පිහිටි නිවෙසටද අලාභ හානි සිදු කිරීමට පැමිණි දෙසීයක පමණ පිරිසක් එදින (09) සවස, නිවැසියන් හා අසල් වැසියන් විසින් පන්නා දැමු බවට තොරතුරු වාර්තා වූවද එම නිවසට ගල් මුල් ගසා සුළු හානි සිදු කර ඇති බවට එම මන්ත්‍රීවරිය පැවසුවාය.

කළුතර මධ්‍යම විශේෂ කළුතර දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න