ඉන්දියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් - 27ක් මරුට | දිනමිණ

ඉන්දියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් - 27ක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කාර්යාල ගොඩනැගිල්ලක ඊයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27දෙනෙක් මිය ගොස් තිබේ. තවත් පිරිසක් තුවාල ලබා ඇත. 
 
ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇත්තේ නවදිල්ලි අගනුවර බටහිර දෙසෙින් පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලකය. එම අවස්ථාවේ 70කට අධික පිරිසක් එහි සිටි බව වාර්තා වේ.
 
ගින්නෙන් 25කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. ගින්නෙන් බේරීම සදහා ගොඩනැගිල්ල තුළ සිටි ඇතැම් පුද්ගලයින් පිටතට පැන ඇතැයි ඉන්දීය බලධාරීන් සදහන් කරයි. බොහෝ පිරිසක් බේරා ගැනීමට හැකි වී ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 20ක් පමණ යොදවා ඇත. 
 
ගින්නට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. 
 
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විපතට පත්වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරමින් ජීවිත අහිමිවූ  සියලු දෙනාගේ ඥාතීන් වෙත ඩොලර් 2,580ක වන්දි මුදලක් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව සදහන් කර ඇත.    

නව අදහස දක්වන්න