පන්ජාබ් දිල්ලියට පරදී | දිනමිණ

පන්ජාබ් දිල්ලියට පරදී

ශර්දුල් ඨාකූර්

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයෙන් පන්ජාබ් කිංග්ස් පිල පරදවා ලකුණු 17ක ජයක් හිමි කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

තරග 13ක් ක්‍රිඩා කළ දිල්ලි පිල හිමි කර ගත් 7 වැනි ජය (14) මෙය වන අතර, ඒ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන හිමි කර ගැනීමට දිල්ලි පිල සමත් වෙද්දී තරග 13කදී පන්ජාබ් පිලට හිමි වූ 7 වැනි පරාජය මෙයයි. මේ සමඟ අවසන් වටයට එක් වීමේ වැඩි වාසි හිමි කර ගැනීමට දිල්ලි පිල සමත් වූ අතර, පන්ජාබ් පිල 7 වැනි තැන පසු වීමෙන් අවසන් වටයට එක් වීම අවිනිශ්චිත වී තිබේ.

මුම්බායිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 142ක් පමණි.

ජිටේෂ් ශර්මා ලකුණු 44ක් රැස් කරමින් පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝව් පන්දු 15කින් ලකුණු 28ක් ඉනිමට එක් කළේය. භානුක රාජපක්ෂගේ ඉනිම ලකුණු 4කට සීමා විය.

පන්දු යැවීමේදී ශර්දුල් ඨාකූර් කඩුලු 4ක් බිඳ දැමූ අතර, අක්සාර් පටෙල් සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවා ගත්හ.

දිල්ලි පිල වෙනුවෙන් මිචෙල් මාෂ් ලකුණු 63ක් රැස් කළේ පන්දු 48කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි. සර්ෆරාස් ඛාන් ලකුණු 32ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ලියම් ලිවින්ග්ස්ටොන් සහ අර්ෂ්දීප් සිං කඩුලු 3 බැගින් දවා ගත්හ.

නව අදහස දක්වන්න