සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක් | දිනමිණ

සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

අද (18) දිනයේ පෙට්‍රල් සැපයීම සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ. සංස්ථාව පෙන්වා දෙන්නේ තොග සීමිත බැවිත් එම තීරණය ගත් බවය. 
 
ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට අද දිනයේ පෙට්‍රල් ලබාගැනීමට ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.
 
කෙසේවෙතත් හෙට(19) සිට පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

නව අදහස දක්වන්න