අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නවත්වනවා: ටික දවසක් ඉවසන්න - ඇමැති වජිර අබේවර්ධන | දිනමිණ

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නවත්වනවා: ටික දවසක් ඉවසන්න - ඇමැති වජිර අබේවර්ධන

ශිරෝමි අබයසිංහ

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ ජනතාව ඉතා ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

උද්ඝෝෂණ හා විරෝධතාවලට යොමු වීමෙන් හෝ වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල නියැළීමෙන් ජනතාව තව තවත් පීඩනයට පත් වන බව පෙන්වා දෙන ඒ මහතා, රට එවැනි තත්ත්වයකට පත් නොකර අගමැතිවරයා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් සහයෝගය දැක්විය යුතු බව ද සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (19) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා මෙසේද කීය.

"වර්තමානයේ රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අගමැතිවරයා ප්‍රමුඛ අප සියලු දෙනාගේම අරමුණ වී තිබෙන්නේ එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තුළින් ජනතාව පත්ව සිටින පීඩනයෙන් ඔවුන් මුදා ගැනීමයි."

නව අදහස දක්වන්න