ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇමැතිකම් ගත්තේ පක්ෂ තීන්දුවට පටහැණිවයි - මෛත්‍රීපාල සිරිසේන | දිනමිණ

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇමැතිකම් ගත්තේ පක්ෂ තීන්දුවට පටහැණිවයි - මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැණි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

පසුගිය 9 දා ඇති වූ සිදු වීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිකම් ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කිසිදු තීන්දුවක් නොගත් බව පැවසූ සිරිසේන මහතා ඇමැති ධුර හෝ තනතුරු නොගෙන රජයට අවශ්‍ය සහාය දෙන බව මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

කෙසේ වුවත් ජනතාව දැන් බඩ ගින්නේ දුක් විඳිමින් සිටින අතර, රට ගොඩ ගොඩනැඟීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම අවශ්‍ය වී ඇති හෙයින් රට වෙනුවෙන් අවශ්‍ය සහාය දෙන බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න