නාමල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 21 දා කැඳවන්නැයි නියෝග | දිනමිණ

නාමල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 21 දා කැඳවන්නැයි නියෝග

කොළඹ කොටුවෙන් අක්කර 4.3ක් බදු දීම:

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 21 දා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25) නියෝග කළේය.

හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දූෂණ විරෝධි හඬ සංවිධානය පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර ඇති අතර, එම කොට්ඨාසය පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වී අධිකරණයට කරුණු දැක්වීය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න