යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තුන් දෙනකුට මහාචාර්යධුර | දිනමිණ

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තුන් දෙනකුට මහාචාර්යධුර

යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් තුන් දෙනකු 25 වැනිදා සිට මහාචාර්යධූරවලට උසස් කැර තිබේ.

මෙසේ මහාචාර්ය ධූරවලට පත්ව ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති සහ ප්‍රජා වෛද්‍ය සහ පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඊ. සුරේන්ද්‍රකුමාරන්, ව්‍යාපාර කළමනාකරණ පීඨයේ ගිණුම්කරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. පී. මහාදේවන් , සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජේ. රොබින්සන් යන මහත්වරුන්ය.

ඔවුන්ට මහාචාර්ය තනතුරු ප්‍රදානය කිරීම යාපනය විශ්ව්විද්‍යාලයේ කුලපති ශ්‍රී සර්කුණාජා මහතගේ ප්‍රධානත්වයෙන් ළඟදීම සිදු කිරීමට නියමිතය.

උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න