පාසල් නිවාඩු දිනයේදීත් දරුවන්ට ප්‍රතිශක්තිකරණ සායන දෙකක්... | දිනමිණ

පාසල් නිවාඩු දිනයේදීත් දරුවන්ට ප්‍රතිශක්තිකරණ සායන දෙකක්...

රාජ්‍ය සේවකයන් සහ පාසල් නිවාඩු දිනයක් ලෙස පැවැති ඉකුත් 20 වැනි දින අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සැලසුම් කළ පරිදිම පාසල් දරුවන් වෙත ප්‍රතිශක්තිකරණ සායන දෙකක් පැවැත්වීමට කටයුතු කළහ. අතුරලිය ජාතික පාසලේ සහ විල්පිට ජාතික පාසලේ මේ සායන පැවැත්විණි.

අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය රුවනි ජයසිංහ,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.සී. ජයවීර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ජේ.ඒ. නදීෂ් මල්ෂාන් සහ කේ.එම්. මනම්පේරි මහත්ම මහත්මීන් මේ සායනවලට එක්වී සිටියහ.

HPV ( මානව ගැබ්ගෙල පිළිකා වයිරසය වැළැක්වීමේ එන්නත ) සහ ATd (වැඩිහිටි පිටගැස්ම ගලපටල එන්නත ) මේ සායනවල දී දරුවන්ට දුන්හ. රජයේ නිවාඩු දිනයක් වුවද ප්‍රතිශක්තිකරණ එන්නත් දීම සඳහා පාසල්වලට දරුවන් රැගෙන ආ මව්පියන්ගේ පැසසුමට මෙම වැඩසටහන ලක්වූහ.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න