ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල් මාතෘ සත්කාර සේවා නව මානයකට | දිනමිණ

ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල් මාතෘ සත්කාර සේවා නව මානයකට

මෙරට කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවයේ ඉදිරියෙන්ම සිටින ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල ගැබිනි කාන්තාවන්ට තමන් නේවාසිකව සිටින රෝහල් කාමරයේදීම දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු ආරම්භ කර තිබේ. මේ නව වැඩපිළිවෙළ මඟින් තම නිවෙසට හුරු වටපිටාවකදී දරු ප්‍රසූතිය කිරීමට මෙන්ම ජලය යට ප්‍රසූතිය කිරීමේ අවස්ථාව (pool delivery) ද හිමිව තිබේ.

ලබන වසරේදී තම සියවස් සැමරුමට ද සූදානම් වන ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, 2018 වසරේදී මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සම්පාදකයකු වන මෙල්ස්ටා හෙල්ත් ආයතනය යටතට පත් විය. මෙල්ස්ටා හෙල්ත් යනු ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණ සමූහ ව්‍යාපාරයක් මෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත දැවැන්තම සමාගම් 10 අතරට අයත් මෙල්ස්ටාකෝප් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.

ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල යනු කාන්තාවකගේ උපතේ සිට නාරි හා ප්‍රසවවේද සත්කාර, ළමා රෝග සත්කාර, මල්වරභාවය සහ අර්තභාවය වැනි ජීවිතයේ විවිධ අවශ්‍යතාවන්හිදී අසමසම සේවා දෙන රෝහලකි. යටත් විජිත යුගයට අයත් පෞරාණික වාස්තු විද්‍යාත්මක උරුමය ආරක්ෂා කර ගන්නා අතර, නවීන තාක්ෂණය දායක කර ගත් ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවාවක් දීමට ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල සමත්ය. අක්කර තුනහමාරක විශාලත්වයෙන් යුතු සුන්දර ගෙවත්තකින් ද අලංකෘත මේ රෝහල අන් කිසිදු රෝහලකදී අත්විඳිය නොහැකි ආකාරයට ස්වභාවධර්මය සමඟ බැඳී තිබීම ද කැපීපෙනේ.

නව අදහස දක්වන්න