මානව හිමිකම් ආයුධයක් කරගෙන බටහිර රාජ්‍යයන් බලපෑම් කළත් රටේ අනන්‍යතාව පාවා දෙන්නේ නෑ | දිනමිණ

මානව හිමිකම් ආයුධයක් කරගෙන බටහිර රාජ්‍යයන් බලපෑම් කළත් රටේ අනන්‍යතාව පාවා දෙන්නේ නෑ

ශ්‍රී ලංකාව අවධාරණය කරයි

මානව හිමිකම් යන්න ආයුධයක් කර ගනිමින් බටහිර රාජ්‍යයන් විසින් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී කුමන ආකාරයේ බලපෑම් එල්ල කළද රටේ ස්වෛරීභාවය හා ව්‍යවස්ථාව කිසිදු ලෙසකින් පාවා නොදෙන බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

ජගත් මානව හිමකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය ඇතුළු බලවත් රාජ්‍යයන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර, එහි ප්‍රතිඵලය කුමක් වුවද රටේ අනන්‍යතාව පාවා නොදෙන බවද අදාළ යෝජනාව තුළ ශ්‍රී ලංකාවට අහිත කර වගන්ති පැවතීම හේතුවෙන් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන බවද විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා ඊයේ (05) මේ බව සඳහන් කළේය. ජගත් මානව හිමිකම් කවුන්ස­ිලයේ 51 වැනි සැසිවාරයට සහභාගි වී සිටින විදේශ ඇමැතිවරයා එම සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අමතා මේ මාධ්‍ය හමුවට එක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ ඇමැතිවරයා පෙන්වා දුන්නේ බටහිර රාජ්‍යයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එම යන්ත්‍රණය හරහා යුද විරුවන් ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යෑම සඳහා උත්සාහ කරන බවත්ය. බටහිර රාජ්‍යයන් ඉදිරිපත් කර තිබෙන අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් ඇමැතිවරයා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කුමක් කළද ඇතැම් ඩයස්පෝරා සංවිධාන සෑහීමට පත් නොවන බවද ඔවුන් වෙනම දේශපාලන කණ්ඩායම් ලෙස සංවිධානගත වී ඔවුන්ගේ දේශපාලන හයිය පෙන්නුම් කරන බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ දැඩි විරුද්ධත්වය මැද ඔවුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් අලි සබ්රි මහතා බටහිර රාජ්‍යයන් සහ පක්ෂපාති රාජ්‍යයන් දෙකක් එක්වී ඔවුන් ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කරන අතර, ඔවුන් උත්සාහ කරන්නේ යුද ජයග්‍රහණයට සම්බන්ධ වූ රණවිරුවන් යුද අධිකරණය ඉදිරියට ගෙන යෑමට බවත් එවැනි තත්ත්වයන්ට කිසි විටෙකත් එකඟ විය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘ජිනීවා සමුළුවට මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව බලගතු රාජ්‍යයන් කණ්ඩායමක් එකතු වී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ කාලවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. දේශීය යන්ත්‍රණයක් තුළින් අදාළ යෝජනා සඳහා පිළිතුරු දීමට උත්සාහ කළත් ඇතැම් රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් සෑහීමට පත් වන්නේ නැහැ. පසුගිය 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසුව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,194 දෙනකු පුනරුත­්ථාපනය කොට සමාජ ගත කරන්න ශ්‍රී ලංකා රජය සමත්ව තිබෙනවා.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න