සෙම්බුකට්ටියේ ගින්නකින් කොහු කර්මාන්ත ශාලාවකට බරපතළ හානි | දිනමිණ

සෙම්බුකට්ටියේ ගින්නකින් කොහු කර්මාන්ත ශාලාවකට බරපතළ හානි

හලාවත මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ සිදුවූ ගින්නකින් කොහු කර්මාන්ත ශාලාවකට බරපතළ හානි සිදුව තිබේ. පසුගිය 02 වැනිදා රාත්‍රී 07. 30ට පමණ මේ ගින්න හට ගෙන ඇති අතර, ඒ අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ කිසිවෙකු සිට නොමැත. මේ ගින්න පසුවදා අලුයම් කාලය දක්වා තිබී ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා මාදම්පේ පොලිසිය, හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, හලාවත ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් හා ප්‍රදේශවාසීන්ගේ සහය ද හිමිව ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලට මෙන්ම අලෙවිය සඳහා සූදානම් කර තිබූ කොහු තොගයක් ද විනාශ වී තිබේ. ගින්න හටගෙන ඇත්තේ කෙසේදැයි හෙළි වී නොමැති අතර, ගින්නෙන් වූ අලාභය මෙතෙක් ගණනය කර නැත. මාදම්පේ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරයි.

හලාවත - ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම සමූහ - ක්‍රීෂ්පිල් ප්‍රනාන්දු පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ

නව අදහස දක්වන්න