වර්ජනය මැදත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මකයි | දිනමිණ

වර්ජනය මැදත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මකයි

වැඩවර්ජනයක් තිබුණ ද බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දවස පුරා ප්‍රතිකාර කටයුතු සිදු කළහ.

රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම සිදු වන බවත්, සායන කටයුතු සහ බාහිර ප්‍රතිකාර අංශ සියල්ල වසා දමා ඇති බවත්, හදිසි අනතුරවලට ලක්ව රෝහලට පැමිණි රෝගීන් සියලුම දෙනාටම ප්‍රතිකාර කළ බවත් හදිසි ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ උප ලේකම්, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.

ඌව පළාත් සමූහ - ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න