ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන රීටා ජුලියනා මැනෙල්ලා මහත්මිය සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර සුහද හමුවක් පසුගියදා (15) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා හා තානාපතිනිය දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව සහ දෙරටට වැදගත් කරුණු සාකච්ඡා කර ඇත.එසේම ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය පිළිබඳවද තානාපතිනියගේ විශේෂ අවධානය යොමු කර ඇත.ඉතාලි ආරක්ෂක උපදේශක කපිතාන් ෆබියෝ සිමා මහතා ද මේ හමුවේදී ජෙනරාල් ගුණරත්න මහතා සමඟ අදහස් හුවමරු කරගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් දිනේෂ් නානායක්කාර මහතා ද මේ අවස්ථාවට එක්විය.

සටහන - රත්නසිරි පතිරණ

නව අදහස දක්වන්න