වසර 46කට පසු පළමු වතාවට බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10.4කින් ඉහළට | දිනමිණ

වසර 46කට පසු පළමු වතාවට බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10.4කින් ඉහළට

වසර 46කට පසු බ්‍රිතාන්‍ය උද්ධමනය පසුගිය මාසයේදී අනපේක්ෂිත ලෙස 10.4% කින් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ආහාර හා මද්‍යසාර නොවන බීම වර්ග සඳහා වන සමස්ත උද්ධමනය 18% කින් ඉහළ ගොස් ඇති අතර, එරට මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ 1977 වසරෙන් පසුව බව වැඩිදුරටත් වාර්තා වේ.

පවතින තත්ත්වය මත එරට බැංකු පද්ධතියේ නව පොලී අනුපාත පිළිබඳ තීරණය කිරීමට සහ නැවත පොලි අනුපාතය ඉහළ දැමීමේ සාකච්ඡාවක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ බවත් වාර්තා වේ. අධික බලශක්ති පිරිවැය සහ යුරෝපයේ ඇතැම් කලාපවල අයහපත් කාලගුණික තත්ත්වය මීට හේතු වී ඇතැයි එරට ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එරට දත්ත වාර්තාවලට අනුව ආහාර සහ මද්‍යසාර නොවන බීම වර්ගවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත්තේ වසර 45කට පමණ පසුවය.

නව අදහස දක්වන්න