කොළඹ වෙඩි තැබීමක් - 09කට තුවාල | දිනමිණ

කොළඹ වෙඩි තැබීමක් - 09කට තුවාල

කොළඹ වරාය ආසන්නයේ ඊයේ(01) රාත්‍රීයේ සිදු වු වෙඩි තැබීම පිළිබද පරීක්ෂණ වෙරළබඩ පොලිසි මගින් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
කොළඹ වරාය හරහා ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබු දේපළ සොරකම් කිරීම සදහා කිසියම් පිරිසක් උත්සහ කර තිබේ. එහි සේවයට යොදවා සිටි පුද්ගලික ආරක්ෂ අංශයේ නිලධාරීන්ට පහරදී ගිනිඅවි පැහැර ගැනීමට  ඔවුන් තැත් කිරීමත් සමග වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. 
 
මෙම වෙඩි තැබීමෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇත. පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු මෙලෙස තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් කාන්තාවක ප්‍රතිකාර ලබා පිටිව ගොස් ඇත. 
 
තුවාලකරුවන් අවුරුදු 18ත්,  20ත් වයස් සීමාවන් හි පසුවන අය බව පොලිසිය පවසයි. ඔවුන් සියලු දෙනා බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
 

නව අදහස දක්වන්න